Sunday 31 May 2020

සමුදුර පත්තර 2012, 2013 සහ 2014

           සමුදුර පත්තරය පිළිබඳ මා මීට පෙර ලිපියක් ගෙන ආවා ඔබට මතක ඇති. ( එම ලිපිය ) මා සිතා සිටියේ නිවසේ රැඳීසිටින කාලය තුළ හැකි අයුරින් ඒවා ස්කෑන් කර මෙම අඩවියට එකතු කරන්නටයි. නමුත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නිවාඩු අහිමි වීම නිසා තවමත් නිදහසේ නිවසට ගොස් එන්නට දැන් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මා වරින් වර එබ වෙත ගෙන එන්නේ මාගේ පරිගණකයේ ගබඩා කරගෙන තිබූ සහ මේ දිනවල විවිධ අයගෙන් අන්තර්ජාලය හරහා ලබාගන්නා පත්තර , ලිිපි සහ විශේෂාංගයි.
          මා පරිගණකයේ ගබඩා කරගෙන තිබුණා 2012, 2013 සහ 2014වල ලක්බිම පත්‍රය සමග බෙදාදුන් සමුදුර පත්තරවල විද්‍යුත් පිටපත් සියයකට ආසන්න සංඛ්‍යාවක්.මා කල්පනා කළාඒ සියල්ල ඔබවෙත ගෙන එන්නට. මේ වන විට මෙම පත්තරය පළ වන්නේ හෝ  වෙබ් අඩවිය  ක්‍රියාත්මක වන්නේ නැති බව කනගාටුවෙන් මතක් කළ යුතුයි. 





මෙම පත්තර සියල්ල සහ තවත පත්තර ඔබට  පහත සබැඳිය ඔස්සේ ගොස් ලබා ගත හැකියි.



Saturday 30 May 2020

සකුරා මලක් අබියස දුටු ආදර සිහිනයක මතක සුවඳ - සයෝනාරා ( SAYONARA comic story by Deegoda Kumara 1985 )


සතුට පත්‍රයට චිත්‍ර ශිල්පී දීගොඩ කුමාර මහතා විසින් 1985 වසරේදී නිර්මාණය කරන ලද  සයෝනාරා කතාව අද ඔබ හමුවට ගෙන එනන්ට මා තීරණය කළා.  ඉතාම ලස්සන චිත්‍රවලින් හැඩවුණු මේ කතාව දිවයන්නේ මංජුල රණතුංග නම් තරුණ චිත්‍ර ශිල්පියෙකු සහ ඔහුට හමුවන ඉෂිකා නම් ජපන් ජාතික තරුණියකඅතර දිවෙන දුක සහ සතුට මුසු වූ ආදර කතාවක් මතයි. ඒ අතරතුර ඔහුට කෂුමි නම් යුවතියක ද හමුවෙනවා. ආදරය නිසා දහසකුත් ප්‍රශ්නවලට මැදි වන මංජුල ඒවාට මුහුණදෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමට කතාව කියවා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.







මෙම කතාව මා වෙත ලබාදුන් මාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ගාමිණී සමරකෝන් මහතාට මාගේ හදපිරි ස්තුතිය පුදකරන අතර ඒවා එකතු කර තබාගත් අයටත් මේවා නිර්මාණය කළ මහත්වරුන්ටත් ස්තුතිය පුද කර සිටිනවා.එසේ ම පිළිවෙළකට ස්කෑන් කර සකසා දුන් ආනන්ද විජේවර්ධන මහතා කෙසේ අමතක කරන්න ද?

කතාව කියැවීමට මෙම සබැඳිය ඔස්සේ යන්න.

you can download this story from above link or below Telegram link also.

sayonara

පසුව ලියමි.
මෙම කතාව ඉහත සබැඳිය ඔස්සේ ලබාගන්නා විට එහි කොටස්  දෙකක අඩුවක් වී තිබුණා .ඊට අදාළ කොටස් ආනන්ද විජේවර්ධන මහතා මා වෙත එවා තිබුණා. මා දැන සිටියේ නැහැ මීට පෙර ජාතික චිත්‍රකතා පදනම මගින් මෙම කතාව පොතක් වශයෙන් පළ කර තිබූ බව.නමුත් එම පොත දැනට වෙළෙඳ පොලේ සොයා ගැනීමට නොමැති බැවින් මා මෙහි එම කතාව ඉදිරිපත් කිරීමෙන් කිසිවෙකුට හානියක් සිදු නොවනු ඇතැයි මා අපේක්ෂා කරනවා.
- රවීන්ද්‍ර ප්‍රභාත්

Sunday 24 May 2020

සමුදුර දැනුම අත්පොත

සත් සමුදුරෙන් එහා විසල් ලොවකට අප කැඳවාගෙන ගිය සමුදුර පුවත්පත පිළිබද මීට පෙර ලිපියකින් මම කරුණු ඉදිරිපත්කළෙමි. ( එම ලිපිය ) අද මා ඔබගේ මතකයට ගෙන එන්නේ 1993 වසරේ අගභාගයේ දී සමුදුරට වසරක් පිරීම නිමිත්තෙන් සමුදුර සමග  නොමිලේ බෙදා දුන් දැනුම අතිරේක පිළිබඳවයි. පුවත්පත් සමග බෙදා දෙන විවිධ අතිරේක ආදිය එකතු කර ගැනීමේ පුරුද්දක් තිබූ මට එම අතිරේක කිහිපය මගහැරුණේ නැත. සමුදුර කර්තෘ මණ්ඩලය විසින් ම විදෙස් සඟරා පත පොත ඇසුරින් තොරතුරු ලබාගෙන සම්පාදනය කර ඇති මේ පොත්වල සමහර කරුණු අද වන විට වෙනස් වී ඇතත් සමහරක් තොරතුරු රසවත් හා කාලය අනුව වෙනස් නොවන ඒවා බැවින් ඒ සියල්ල ඔබ වෙත ගෙන ඒමට අදහස් කළෙමි.






























Sunday 17 May 2020

යාවත්කාලීන කිරීම් චිත්‍රකතා කලාප අංක 19 සිට 30 දක්වා


පැරණි චිත්‍රකතා රස විඳින්න. පහත සබැඳිය ඔස්සේ 1 සිට 30 දක්වා කලාප ලබාගත හැකිය.











1 සිට 30 දක්වා කලාප

Wednesday 13 May 2020

යාවත්කාලීන කිරීම් සිඟිති සිත්තර කලා අංක 7 සිට 13 දක්වා

ඔබට පහත සබැඳිය ඔස්සේ කලාප අංක 7 සිට 13 දක්වා කියැවීමට හැකි වේ.


7


8


9


10


11


12


13


Friday 8 May 2020

එදා දකුණ හෙල්ලූ උක්කුවා අද මුළු රට ම හොල්ලයි....( වැඩිදුර තොරතුරු සඳහා රසික පත්තරේ බලන්න)


       1975 වසරේ  දී  ආරම්භ කෙරුණු ලංකාවේ දෙවන චිත්‍රකතා ප්‍රකාශනය වූ සිත්තර අතැර ගිය කැමිලස් පෙරේරා ප්‍රමුඛ ශිල්පීන් පිරිසක් 1986 වසරේ දී සත්සිරි නමින් නව චිත්‍රකතා ප්‍රකාශනයක් අරඹමින් එය ජනප්‍රියත්වයේ ඉහළට ම නැංවීය. එය කොතරම් ජනප්‍රිය සේ ම ආදායම් උපදවන මාර්ගයක් වූයේ ද යන්න කැමිලස් මහතා ප්‍රමුඛ එම කණ්ඩායම 1987 වසරේ දී ම රසික නමින් තවත් නව චිත්‍රකතා පත්තරයක් එළිදැක්වීමෙන් පෙනී යයි. 
       එහි ප්‍රධාන සංස්කාරක වශයෙන් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා කටයුතු කළ අතර කැමිලස්ගේ දොංසේතං කාටුනය ඒ හා බන්දවා කැමිලස්ගේ දොංසේතං සමග රසික ලෙසින් පත්‍රයට නම තැබිණි. එය අමුතුම මාකටිං එකකි. කැමිලස්ගේ ගජමැන් සමග සත්සිරි , කැමිලස්ගේ දොංසේතං සමග රසික කී විට එම කාටුන් චරිත නිරායාසයෙන් ම කියැවී පාඨක මනසට ඇතුළු වේ.



      කැමිල්ස් නිවසේ වාසනාවන්තයා ලෙස සැලකුණු ගුණපාල ජයලත් මහතා සත්සිරි සේම රසික ද මුල් කලාපයේ කවරය සිය චිත්‍රයකින් සැරසී ය. ආනන්ද දිසානායක, රෆීක් ඩීන්, මනෝජ් ප්‍රේමරත්න,  ශ්‍රීලාල් නානායක්කාර, පියසිරි උභයරත්න, ආරියසිරි කොඩිතුවක්කු, ධනපාල ගාල්ලගේ වැනි ප්‍රවීනයන්ගේ කතා රැසක් සමගින් ආරම්භ වූ රසික වසර දහයකට ආසන්න කාලයක් ප්‍රකාශයට පත් වූ අතර කුමුුදු තාරක, අරවින්ද සේනාධීර, වසන්ත ශ්‍රීනාත් , ඇන්ටන් තානාපති, උදය ගමාච්චි, ඔගස්ටින් ප්‍රනාන්දු වැනි දක්ෂ චිත්‍රශිල්පීන් රැසක් නොබෝකලකින් ම ඒ හා එකතු විය. 



         ආරම්භයේ දී බන්දුල හරිශ්වන්ද්‍ර මහතා විසින් , විජය රජු ලංකාවට පැමිණිමට පෙර කල පසුබිම් කර ගනිමින් සිංහල දේශය නමින් වර්ණවත් කතාවක් ගෙන ආවේ ය. එතුමාගේ බිරිඳ වන කුසුම් මංගලිකා මහත්මිය විසින් ද භුරිදත්ත නමින් කතාවක් ඉදිරිපත් කරන ලදි. රෆීක් ඩීන්ගේ මෙක්සිකන් චාලි,ශ්‍රිලාල් නානායක්කාරගේ මානෙල් අසපුව , ආනන්ද දිසානායකගේ සයුරී ආරම්භයේ දී පළවූ සිත්ගත් කතා  කිහිපයකි. ගුණපාල ජයලත් මහතා සිත්තරේ දී අතරමග නතර කළ රැල්ල වෙරළට ආදරෙයි කතාව නිම්මි අමිත් ආදර ලෝකය ලෙස රසික සමග ඉදිරියට ගෙන ගියේ ය. එසේම පියසිරි උභයරත්න මහතා නිර්මාණය කළ උක්කුවා චිත්‍රකතාවේ උක්කුවාගේ චරිතය සඳහා ඒ මහතා ළඟින් ඇසුරු කළ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය යොදාගත් බව කියැවේ. එකල එය ජනප්‍රිය කතාවක් බවට පත්විය. 




        එසේ් උක්කුවා ඇඳී පියසිරි උභයරත්න සේ ම ගුණපාල ජයලත් මහතා ද රෆීක් ඩීන් මහතා ද අවාසානාවට මේ වන විට අප අතැර ගොසිනි. එහෙත් එතුමන්ලා නිර්මාණය කළ චිත්‍රකතා තවමත් අප හදවත් තුළ අතීත මතක නංවමින් වැජඹී සිටියි. 





         රසික මුල් කාණ්ඩයේ කලාප 52ක් සහ ඒවායේ පළ වූ රසවත් කතන්දර කිහිපයක් ම මා මිතුරු රෝහණ සිරිවර්ධන මහතා විසින් මා වෙත ලබා දුන් අතර ඒවා ද සමග රසික පත්‍ර සියල්ල ඉදිරියේ දී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.  .
             
         මුල් කලාප 30ක් කියවමු.

සැ.යු. (චිත්‍රශිල්පීන්ගේ හා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ හිමිකම් සුරැකීම පිණිස පත්‍ර කිහිපයක් බාගත කරගැනීමටත් අනෙක්වා කියැවීමට හැකි වන පරිදිත්  පමණක් ඉදිරිපත් කර ඇත. ඒවා අඩු මෙගාබයිට් ප්‍රමාණයකින් සමන්විත වන නිසා කියැවීම සඳහා වැඩි ඩේටා ප්‍රමාණයක් වැය නොවන බව කරුනාවෙන් සලකන්න.)

රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි

Thursday 7 May 2020

The FINDING OUT that is the SEWILLA in Sri Lanka





 අපේ රටේ දී සෙවිල්ල වූ Finding Out 

British old children's magazines are full of beautiful, colourful illustrations and valuable knowledge. That's why it's my hobby to search the internet for those old magazines. That's why so many magazines like Look and Learn, Jack and Jill, Look in, Rocket, Boys World came into my collection. There was a magazine I could not find on the internet. That's it. More than three issues of that magazine could not be found on the Internet. But fortunately, I came across an old bookstore in about seventy volumes in very good condition. I paid Rs. 150 each and brought them home as happy as got a crown.

Meanwhile, a blogger named Nanda Wanninayake had published about a magazine called Sewilla and he wanted to know what its English language magazine was. When I told him about them, he came to my home one day to pay a lot of attention to them and show me how much he loved them.

I also told my British friend Peter Mansfield, who gives me lots of books books, about these magazines and took steps to upload them to our Google group. Most of the magazines that are now available on the internet are the ones that I have uploaded.

බ්‍රිතාන්‍ය පැරණි ළමා සඟරා ඉතා ලස්සන, වෛවර්ණ චිත්‍රවලින් සහ අගනා දැනුම කරුණුවලින් සමන්විත ඒවා ය. ඒ නිසා ම අන්තර්ජාලය පීර පීරා එම පැරණි සඟරා සෙවීම මාගේ විනෝදාංශයකි. Look and Learn, Jack and Jill, Look in, Rocket, Boys World වැනි සඟරා රාශියක් මාගේ එකතුවට පිවිසියේ එබැවිනි. අන්තර්ජාලය කොතරම් පීරුව ද මට සොයාගත නොහැකි සඟරාවක් විය. ඒ Finding Out ය. එම සඟරාවේ කලාප තුනකට වඩා අන්තර්ජාලයේ සොයා ගැනීමට නොමැති විය. නමුත් කුමක්දෝ වාසනාවකට පරණ පොත් කඩයක තිබී කලාප හැත්තෑවකට ආසන්න ගණනක් ඉතා ම හොඳ තත්ත්වයෙන් ඉරකුදු නොඇඳ, කොළයකුදු නොනමා තිබිය දී මට හමුවූයේ අහම්බයකිනි. එකකට රුපියල් 150 බැගින් ගෙවා ඒවා ගෙදර ගෙන ආවේ රටක් රාජ්‍යයක් ලැබුණා මෙන් සතුටකිනි. 
   ඒ අතර නන්ද වන්නිනායක නම් මහත්මයෙකු විසින් ලියන වන්නි බ්ලොග් අඩවියේ සෙවිල්ල නම් සඟරාවක් පිළිබඳ පළවී තිබූ අතර ඔහුට එහි ඉංග්‍රීසි සඟරාව කුමක් ද යන්න දැන ගැනීමට වුවමනා වී තිබිණි. මා ඔහුටමේවා පිළිබඳ කී විට ඔහු දිනෙක බොහෝ දුර ගෙවා ඒවා බලන්නට මා නිවසට ආවේ ඒවාට ඔහු කොතරම් ඇලුම්  කරන්නේ ද යන්න පෙන්වමිනි. 
      එසේ ම මා වෙත මෙම පොත් ලබා දෙන මාගේ බ්‍රිතාන්‍ය ජාතික මිතුරු පීටර් මැන්ස්ෆිල්ඩ් හට ද මා මෙම  සඟරා ගැන පැවසූ අතර ඒවා අපගේ ගූගල් සමූහයකට උඩුගත කිරීමට පියවර ගත්තෙමි. දැන් අන්තර්ජාලයේ හමුවන එම සඟරා බොහාමයක් මා විසින් උඩුගත කළ ඒවා ය.
       

    This magazine was first published in Britain in 1962. The magazine was published in the form of an encyclopedia numbered and published in competition with Look and Learn. College writings, English lessons, art lessons, history stories and folktales are published in a variety of colorful and beautiful paintings. By the time the two magazines came together in 1967, there were about 240 Finding Out issues. You can currently download about 12 of those magazines, and I hope to present everything I have in the future.

I hope they will be a great gift for your children.

Read Nanda Wanninayake's interesting notes on his blog about Sevilla Magazine published by Gunasena Company in 1963.

 About the Finding Out(in english)

to download 

  මෙම සඟරාව පළමු වරට බ්‍රිතාන්‍යෙය් පළ වී ඇත්තේ 1962 වසරේ දී ය. එම සඟරාව විශ්වකෝෂයක ස්වරූපයෙන් පිටු අංකනය වෙමින් පළ වූ අතර එරට Look and Learn සඟරාව සමග තරග කරමින් ප්‍රකාශයට පත් විය. විද්‍යාලිපි, ඉංග්‍රීසි පාඩම්, චිත්‍ර පාඩම්, ඉතිහාස කතා සහ ජනකතා විවිධ වර්ණ අලංකාර සිතුවම්වලින් සැරසී සිත්ගන්නා සුලු අයුරින් ඒවා ප්‍රකාශයට පත් වී ඇත. 1967 දී එම සඟරා දෙක එකතු වන විට Finding Out කලාප 240ක් පමණ ප්‍රකාශයට පත් වී තිබිණි. දැනට ඔබට එම සඟරා 12 ක් පමණ බාගත කරගත හැකි අතර මා සතුව ඇති සියල්ල ඉදිරියේ දී ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමි. 
    ඒවා ඔබේ දූ දරුවන්ට අගනා තිළිණයක් වනු ඇති බවට මම විශ්වාස කරමි.
 1963 වසරේ දී ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත්කරන ලද සෙවිල්ල සඟරාව පිළිබඳ නන්ද වන්නිනායක මහතා තම බ්ලොග් අඩවියේ තබා ඇති රසවත්  සටහන් මෙමගින් කියවන්න.
  
   




   මෙම සබැදිය ඔස්සේ ලබා ගන්න. 
   
     FINDING OUT