දයා රාජපක්ෂ මහතා ලාංකික චිත්‍රකතා කලාවේ සිය අනන්‍යතාව රැඳවූ දැවැන්ත චරිතයක්.එතුමා සිය චිත්‍රකතා සහ විකට කතා තුළින් ලාංකික පොදු සමාජය මැනවින් හඳුනාගෙන එහි විවිධ පැතිකඩ මනා අයුරින් නිරූපනය කළ අයෙක්. චිත්රකතාවට නැතිවී තිබූ ගෞරවය ලබා දීමට මහන්සි වූ අයෙක්. එතුමා ලංකාවේ මුල් ම චිත්‍රකතා පත්තරය වන සතුට පත්‍රයට 1981 වසරේ දී කළ වටිනා නිර්මාණයක් නවරියං චිත්‍රකතාව. ගමේ දුප්පත් පවුලක උපත ලැබූ දාවිත් තම අසාමාන්‍ය උස නිසාම නවරියං බවට පත්වෙනවා. නවරියං සමග කුඩා කළ සිට ම වෛර බැඳගන්නා හෙට්ටිගෙදර සෝමෙ සමග ඇතිවූ ආරවුල කේනද්‍ර කොටගෙන මෙම කතාව දිවයනවා. මෙම කතාව තුළ හමුවන අනෙකුත් කළු සුදු චරිත සමග ඔවුන්ගේ ගතිසොබා සහ ඔවුන්ගේ සමාජ තත්ත්වය මනා විග්රහයකින් යුතු ව උසස් භාෂා ශෛලියක් ද භාවිත කරමින් ඉදිරිපත් කිරීමට දයා රාජපක්ෂ මහතා සමත් වී තිබෙනවා.
දයා රාජපක්ෂ මහතා සහ එතුමාගේ නිර්මාණ පිළිබඳව පහත සබැඳි ඔස්සේ තොරතුරු ලබා ගත හැකි ය.
මා වෙත මෙම අගනා කතාව ලබා දුන් මා සමග රාජකාරි කරන මා හිතවත් ජ්‍යේෂ්ඨ නිලධාරි ගාමිණී සමරකෝන් මහතාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා.ඒ වගේම ඒවා ස්කෑන් කර සකසා දුන් ආනන්ද විජේවර්ධන මහතාටත් ස්තුතිය පුද කරනවා.
පහත සබැඳිය ඔස්සේ මෙම චිත්‍රකතාව රසවිඳිමු.
රවින්ද්‍ර ප්‍රභාත් විසිනි
බොහෝම අනගි වැඩක්.
ReplyDeleteGreat job saho..
ReplyDelete