Sunday 3 May 2020

බුවාලන්තයේ වගතුග



       බුවාලන්තය නමින් රටක් තිබිණි. එය අරුම පුදුම බුවාලා බුවීලාගෙන් පිරුණු එකකි. ඒ රටේ බුවාලා බුවීලාගේ පාර්ලිමේන්තුව ද ක්‍රිකට් කණ්ඩායම ද බුවාලා බුවීලා ද ලෝකයේ වෙනත් කිසිම ලන්තයක දක්නට නැත. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන අපූරු ලිපි පෙළක් සිළුමිණ පත්‍රෙය්  රසඳුන අතිරේකයේ 2002 වසරේ සිට වසර කිහිපයක් පුරා පළවිණි. එම රසවත් ලිපි පෙළ අප වෙත ගෙන ආවේ තිස්ස කුමාර කරුණාසේකර හෙවත් තිස්ස හේවාවිස්ස විසිනි.

   එම බුවාලන්තයේ රසවත් නිර්මාණශිලි කතා පෙළින් කොටස් කිහිපයක් මාගේ පත්තර එකතුවේ තිබී සොයාගැනීමට හැකිවූ අතර මාගේ මිතුරු චතුරංග ප්‍රියශාද් සහෝදරයා අන්තර්ජාලය ඇසුරෙන් බාගන්නා ලද ලිපි රැසක් මා වෙත ලබා දුන්නේ ය.

   ඉදින් එම පැරණි ලිපි පෙළෙන් කොටසක් ඔබගේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. තිස්ස කරුණාසේකර මහතාට ගෞරවණිය ස්තුතිය පුද කරමි.



පහත සබැඳිය ඔස්සේ ඔබට මෙම ලිපි පෙළකියැවිය හැකි ය.



No comments:

Post a Comment