Wednesday 6 May 2020

උගුඩු විත්ති සහ නරිහාමිගෙ අපූරු වැඩ



        ළමයින් සඳහා පොත් ලියූ විශිෂ්ටම නිර්මාණකරුවා කවුරුන්දැයි ඇසුවහොත් අප බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ රෝල්ඩ් ඩාල් ය. ඔහු තරම් නිර්මාණශීලි ළමා කතන්දර රවනා කළ අයෙකු නොමැති තරමට ඔහු අපගේ සිත් පැහැර ගෙන ඇත. ඔහු ලියූ ඩැනීගේ කතාව , මැටිල්ඩා, මායාකාරියෝ , චාලි සහ චොකලට්  කම්හල  වැනි කතා ළමා මනස අපූරු ලෝකයකට රැගෙන යයි. ඔහුගේ කතන්දර අතරින් fantastic mr.fox කතන්දරය මා කියවූ රසවත් ම පොතයි.
           එහෙත් පසුගිය දා මට හමුවූ අපූරු පොතක් නිසා මගේ ඒ සිතිවිලි වෙනස් කරගන්නට දැන් මට වුවමනා වී ඇත. 1957 වසරේ දී රාජකීය විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි 13 වියැති සිසුවෙකු අතින් විනොදයට මෙන් ලියැවී ඇති මේ ළමා කතන්දරය රෝල්ඩ් ඩාල්ගේ නරියා කතාව පරදවන බව මගේ අදහසයි.
       වනයේ උගුඩුලන්දේ ජීවත් වන උගුඩුවන් නැතිනම් කලවැද්දන් ආහාර සොයාගැනීමට දරන ලද ප්‍රයත්නයක් සහ ඊට අකුල්හෙළන හෝතඹුවන් පිරිසක් පිළිබඳ මේ  රසවත් කතන්දරය නිර්මාණය කර ඇත්තේ පද්මල් වීරවර්ධන නම්සිසුවකු විසිනි. 
උගුඩුලන්ද වන මැද පිහිටි ගමකි.කුකුළන් වසන ගම කුකුළාගම වන්නා සේ මැ, හිවලන් වසන ගම හිවලාගම වන්නා සේ මැ, උගුඩුවන් වසන ගම උගුඩුලන්ද වේ.
යනුවෙන් ඔහු කතන්දරය අරඹයි. උගුඩුලන්දේ නායකයා වලිගදෙකා ය. උපනායකයා තිතා ය.  කුකුළුදෙණියේ කඩියා නම් බල්ලෙකු ද පසුව දඩෝරියා නම් බල්ලෙකු ද කතාවේ ප්‍රධාන චරිත ලෙස හමු වෙයි.මෙම රසවත් කතාව පහළ දක්වා ඇති සබැඳිය ඔස්සේ බාගත කරගෙන කියවා  රසවිඳින ලෙස  මම ඔබට ඇරයුම් කරමි. 
             අද මෙම ලේඛකයාගේ වයස අවුරුදු 76 ක් පමණ විය යුතු වන අතර එතුමා පිළිබඳ වැඩිදුර තොරතුරක් නම් මා දන්නේ නැත. ( එතුමා  පිළිබඳ තොරතුරු දන්නේ නම් කාරුණිකව දන්වනු මැනවි). 
              ඉතා කුඩා සිදුවීමක් පදනම් කරගෙන මෙතරම් රසවත් දිග කතාවක් නිර්මාණශීලි අන්දමින් රචනා කරන්නට හැකියාව තිබූ මේ කුඩා දරුවා මේ ක්ෂෙත්‍රෙය් බොහෝ දුරක් නොගොස් තිබුණේ නම් එය පුදුමයට කාරණාවකි.



  
        
    තව ද ඔබගේ රසවින්දනය උදෙසා රෝල්ඩ් ඩාල්ගේ fantastic mr.fox කෘතියේ ඉංග්‍රීසි කෘතිය ද මෙම සබැඳිය මගින් බාගත කර ගැනීමට ඉඩකඩ සලසා ඇත. උගුඩුවන් සේ ම කුකුළු කොටුවක කුකුළන්සොයා යන නරියෙකු සහ පවුලේ උදවිය මුහුණදෙන අත්දැකීම්  ඩාල්විසින් මෙම කතාව මගින් ඉදිරිත් කරයි.
            
            Fantastic Mr. Fox

            මා විසින් දැනට වසර හය හතකට පමණ පෙර සිංහලයට හරවන ලද එම කෘතියේ මුල් පිටු කිහිපයක් පමණක් මේ සමග ඉදිරිපත්කරන අතර එම කතාව මේ වන විට සමයවර්ධන ප්‍රකාශන වෙතින් නරිහාමිගෙ අපූරු වැඩ නමින් වෙනත් ලේඛක මහතෙකු විසින් පරිවර්තනය කරනු ලැබ ප්‍රකාශයට පත්කර ඇත.
            



රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි.

12 comments:

  1. බොහොමත්ම ස්තූතියි රවීන්ද්‍ර මහත්මයා..උගුඩු විත්ති මම කියෙව්වෙ මීට අවුරුදු 50 කට වගෙ ඉස්සර..එතකොට මගේ වයස අවුරුදු 8ක් වගේ ඇති වැඩිම උනොත්..එදා ඉඳලම මම මේ පොත හෙව්ව හැමතැනම..ඔබට ආයෙමත් ස්තූතියි!

    ReplyDelete
  2. Thanks a lot for sharing <3 <3

    ReplyDelete
  3. Thank you so much for uploading these kind of old rare books giving the opportunity for many book lovers to read and enjoy. It's sad that such books don't get reprinted and you are doing a great service for readers ,specially for young readers who loves to read stories from the past. Will regularly visit this site.

    ReplyDelete

  4. මේ පොත 90 ගනන් වල මම පොඩි කාලෙ කියෙව්වා ගෙදර තිබිලා. හරිම ලස්සන පොතක්. පස්සෙ මීට අවුරුදු කීපයකට කලින් මම පද්මල් මහතාව සම්බන්දකර ගන්න උත්සහ කලා පිටපතක් ඉල්ලා ගන්න පුලුවන්ද බලන්න මොකද කොහෙවත් නෑ හොයා ගන්න. ඒ මහත්ත්යා එක්සත් ජනපදයෙ පදින්චි වෙලා ඉදල මිය ගිහින්.
    - Rukmal

    ReplyDelete
  5. Hi Ravindra thanks for uploading. This is also one of my favourite books of all time. Read it in 1983 and still read it on and off despite being 47 years. I also wonder of the author wrote any other books and would like to meet him and tell him what a great book it is. Thanks for sharing. Navin

    ReplyDelete
  6. Padmal is the brother of W. Srilal De Silva who is on FB.

    ReplyDelete
  7. ස්තුතියි රවින්ද්‍ර 🤚

    ReplyDelete
  8. ගොඩක් පිං රවීන්ද්‍ර මහතා
    කියවන්න ආසාවෙන් සිටි මුත් සොයාගැනීමට නොහැකි වූ පොතක්.

    ReplyDelete