සත් සමුදුරෙන් එහා විසල් ලොවකට අප කැඳවාගෙන ගිය සමුදුර පුවත්පත පිළිබද මීට පෙර ලිපියකින් මම කරුණු ඉදිරිපත්කළෙමි. ( එම ලිපිය ) අද මා ඔබගේ මතකයට ගෙන එන්නේ 1993 වසරේ අගභාගයේ දී සමුදුරට වසරක් පිරීම නිමිත්තෙන් සමුදුර සමග නොමිලේ බෙදා දුන් දැනුම අතිරේක පිළිබඳවයි. පුවත්පත් සමග බෙදා දෙන විවිධ අතිරේක ආදිය එකතු කර ගැනීමේ පුරුද්දක් තිබූ මට එම අතිරේක කිහිපය මගහැරුණේ නැත. සමුදුර කර්තෘ මණ්ඩලය විසින් ම විදෙස් සඟරා පත පොත ඇසුරින් තොරතුරු ලබාගෙන සම්පාදනය කර ඇති මේ පොත්වල සමහර කරුණු අද වන විට වෙනස් වී ඇතත් සමහරක් තොරතුරු රසවත් හා කාලය අනුව වෙනස් නොවන ඒවා බැවින් ඒ සියල්ල ඔබ වෙත ගෙන ඒමට අදහස් කළෙමි.
No comments:
Post a Comment