Showing posts with label Comics. Show all posts
Showing posts with label Comics. Show all posts

Monday, 12 April 2021

Comics published in the children's magazine EAGLE, UK - බ්‍රිතාන්‍ය EAGLE නම් ළමා සඟරාවේ පළ වූ චිත්‍රකතා

I came to know from a post in the face book by veteran artist Aravinda Senadheera that a veteran artist named Anura Wijewardena showed a copy of the children's magazine EAGLE to the head of the Lake house and editor of Sathuta comic paper when they start the Sathuta comic paper.  So I thought I'd say something about that EAGLE magazine. Because this magazine has a special place in my digital magazine collection.

This magazine has been published weekly for 20 years (1950-1969). From 1982 to 1984, the magazine was republished in a different format. The founder of this English children's magazine was a pastor named Marcus Morris. That is why he also includes matters related to Christianity in this magazine. A beautiful picture story of Jesus is also published here (attached herewith). The inaugural issue has sold over 900,000 copies.

ප්‍රවීණ චිත්‍රශිල්පී අරවින්ද සේනාධීර මහතා විසින් මුහුණුු පොතේ පළ කර තිබූ සටහනකින් මා හට දැන ගන්නට ලැබුණා ලංකාවේ මුල් ම චිත්‍රකතා පත්තරය වූ සතුට ආරම්භ කිරීම සඳහා අනුර විජේවර්ධන නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පි මහතා විසින්  EAGLE නමැති ළමා සඟරාවේ පිටපතක් ලේක්හවුසියේ පාලනාධිකාරියට හා සතුට සංස්කාරක වූ බන්දුල සමරසිංහ මහතාට පෙන්වා සිටි බව. ඉතින් අන්න ඒ   EAGLE  සඟරාව ගැන යමක් කියන්නට මට සිතුණා. මොක ද මගේ ඩිජිටල් සඟරා එකතුවේ විශේ්ෂ තැනක් මේ සඟරාවට හිමි වී තිබෙන නිසා.  

මේ සඟරාව එරට අවුරුදු 20ක් (1950-1969) සතිපතා නොකඩවා  පළ වී තිබෙනවා . ඉන් පසු වෙනස් ස්වරූපයකින් 1982 සිට 1984 දක්වා නැවතත් මෙම සඟරාව ප්‍රකාශයට පත් වෙනවා. මේ ඉංග්‍රීසි ළමා සඟරාවේ ආරම්භකයා මාකස් මොරිස් නම් දේවගැතිවරයෙක්. ඒ නිසා ම ඔහු මෙම සඟරාවේ ක්‍රිස්තියානි ධර්මය සම්බන්ධ කරුණූ ද ඇතුළත් කරනවා. ජේසු තුමා පිළිබඳ ලස්සන චිත්‍රකතාවක් ද මෙහි පළ වෙනවා.( මේ සමග ඉදිරිපත් කර ඇත). මෙහි මංගල කලාපය පිටපත් ලක්ෂ නවයක් පමණ අලෙවි වී තිබෙනවා. 

A few pages of the  inaugural issue

මංගල කලාපයේ පිටු කිහිපයක් 











ලංකාවේ ගොපළු චිතුකතාවල ආරම්භය ලැබුනේ මෙමගින් ද?




Dan Dare, the science fiction novel Pilot of the Future, always appeared on the front page in color. It is a story that has gained popularity all over the world. Riders of the Range is a similarly popular story. P.C. 49. Eagle is a feature about news and sports. The editor left the magazine halfway through, but it continued for a long time. In 1969, the magazine had to merge with LION, a similar magazine.

Dan Dare, Pilot of the Future නම් විද්‍යා ප්‍රබන්ධය වර්ණයෙන් යුතුව හැමදාමත් මුල් පිටුවේ පළ වුණා. එය ලොව පුරා ජනාදරය දිනාගත් කතාවක්. Riders of the Range ඒ වගේ ම ජනප්රිය කතාවක්. P.C. 49. Eagle  ප්‍රවෘත්ති සහ ක්‍රීඩා ගැන පළවූ විශේෂාංගයක්. මෙහි සංස්කාරක අතරමග දී සඟරාව හැර ගියත් එය නොකඩවා බොහෝ කලක් පැවතුණා. 1969 දී මෙවැනි ම සඟරාවක් වූ LION සමග එකතුවන්නට මෙම සඟරාවට සිදු වෙනවා. 

Some popular stories and features....

ජනප්‍රිය වූ කතා සහ විශේෂාංග කිහිපයක්









සිංහල චිත්‍රකතාවට ගොපළු චිත්‍රකතා එන්නට ඇත්තේ මෙතැනින්ද ? මේ කතාවත් කියවමු.


to read this story - මෙම කතාව කියැවීමට 

.



                                                        

                                                                to read this story- මෙම කතාව කියැවීමට


One more thing to say. There are magazines like this in the homes of a group of people who lived in Colombo. They dont throw them away after reading. Even today I have seen them bring them and give them to old bookshops. Some are free. Some for a small price. But we cant buy them in low price. we have to pay large price .

 තවත් යමක් කිව යුතුයි. කොළඹ ජීවත් වුණු ගෙිඩක් දෙනාගේ ගෙවල්වල මෙවැනි සඟරා තිබිල තියෙනවා.ඔවුන් ඒවා කියවලා විසි කර දාන්නෙ නැහැ.අදටත් මම දැකල තියෙනවා ඔවුන් ඒවා ගෙනත් පරණ පොත් කඩවලට දීලා යනවා. සමහරුන් නොමිලේ. සමහරුන් පොඩි ගාණකට. ඒත් අපට නම් ඒවා අඩුවට ගන්න ලැබෙන්නෙ නැහැ.


Monday, 30 November 2020

Rasika paper - updating රසික - යාවත්කාලීන කිරීම මුල්ම කාණ්ඩයේ කලාප 52

 You may remember that from the beginning of this blog I added comic papers from time to time. Rasika comic book is one of them. My aim is to present to you these papers in the old fashioned way so that you can read the whole paper. Some of them are downloadable and some are read-only in order to protect copyright.

You can re-read my post on the Rasika paper through the link below. 

Rasika paper

Previously I had published about 40 issues in the first volume and today I bring you all the issues of the inaugural issue up to issue 52. Accordingly, you will get to read all the first year issues of Rasika paper. I would like to say that more papers will come to this from time to time in the future.

Special thanks to my friend Mr. Rohana Siriwardena and his wife for giving me all these volumes for free.

Use this link to read -  first 52 issues


ඔබට මතක ඇති මා මෙම බ්ලොග් අඩවිය ආරම්භයේ සිට වරින් වර චිත්‍රකතා පත්තර මෙයට එකතු කළා. රසික චිත්‍රකතා පත්තරය එයින් එකක්. මගේ අරමුණ මේ පත්තර පැරණි ආකාරයෙන් ම සම්පූර්ණ පත්තරය ම කියවිය හැකි අයුරින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. ඒවායෙන් සමහරක් බාගත කරගන්නත් කර්තෘ අයිතිවාසිකම් සුරැකකීම සඳහා සමහරක් කියැවීමට පමණක් හැකි වන අයුරිනුත් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.

ඔබට මා රසික පත්‍රය පිළිබඳ තැබූ සටහන පහත සබැඳිය ඔස්සේ නැවත කියවා බැලිය හැකියි. 

රසික පත්තරේ

මෙයට පෙර මුල් කාණ්ඩයේ කලාප 40ක් පමණ පළ කර තිබූ අතර අද මා කලාප අංක 52 දක්වා එනම් මංගල කලාපයේ සියලු කලාප ඔබ වෙත ගෙන එනවා. ඒ අනුව රසික පත්‍රය මුල් වසරේ කලාප සියල්ල ඔබට කියැවීමට ලැබෙනවා. ඉදිරියේ දී තවත් පත්‍ර වරින් වර මීට එනතු වන බව කියන්නට කැමතියි.

මේ සියලු ම කලාප මා හට නොමිලයේ ලබා දුන් මිත්‍ර රෝහණ සිරිවර්ධන මහතාට සහ එම මහක්මියට විශේෂ ස්තුතිය පළකරන්නට කැමතියි.











කියැවීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න

රසික මුල් කාණ්ඩය කලාප 52ක්


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි


Saturday, 11 July 2020

යාවත්කාලීන කිරීම - රසික කලාප අංක 31 සිට 40 දක්වා

රසික පුවත්පතේ පළමු කාණ්ඩයේ කලාප අංක 31 සිට 40 දක්වා එකතු කිරීමෙන් පසු පහත සබැඳිය ඔස්සේ ඔබට කලාප අංක 1 සිට 40 දක්වා රසවිඳිය හැකි වේ.
විශේෂ ස්තුතිය රෝහණ සිරිවර්ධන මහතාට....





Saturday, 30 May 2020

සකුරා මලක් අබියස දුටු ආදර සිහිනයක මතක සුවඳ - සයෝනාරා ( SAYONARA comic story by Deegoda Kumara 1985 )


සතුට පත්‍රයට චිත්‍ර ශිල්පී දීගොඩ කුමාර මහතා විසින් 1985 වසරේදී නිර්මාණය කරන ලද  සයෝනාරා කතාව අද ඔබ හමුවට ගෙන එනන්ට මා තීරණය කළා.  ඉතාම ලස්සන චිත්‍රවලින් හැඩවුණු මේ කතාව දිවයන්නේ මංජුල රණතුංග නම් තරුණ චිත්‍ර ශිල්පියෙකු සහ ඔහුට හමුවන ඉෂිකා නම් ජපන් ජාතික තරුණියකඅතර දිවෙන දුක සහ සතුට මුසු වූ ආදර කතාවක් මතයි. ඒ අතරතුර ඔහුට කෂුමි නම් යුවතියක ද හමුවෙනවා. ආදරය නිසා දහසකුත් ප්‍රශ්නවලට මැදි වන මංජුල ඒවාට මුහුණදෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමට කතාව කියවා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.







මෙම කතාව මා වෙත ලබාදුන් මාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ගාමිණී සමරකෝන් මහතාට මාගේ හදපිරි ස්තුතිය පුදකරන අතර ඒවා එකතු කර තබාගත් අයටත් මේවා නිර්මාණය කළ මහත්වරුන්ටත් ස්තුතිය පුද කර සිටිනවා.එසේ ම පිළිවෙළකට ස්කෑන් කර සකසා දුන් ආනන්ද විජේවර්ධන මහතා කෙසේ අමතක කරන්න ද?

කතාව කියැවීමට මෙම සබැඳිය ඔස්සේ යන්න.

you can download this story from above link or below Telegram link also.

sayonara

පසුව ලියමි.
මෙම කතාව ඉහත සබැඳිය ඔස්සේ ලබාගන්නා විට එහි කොටස්  දෙකක අඩුවක් වී තිබුණා .ඊට අදාළ කොටස් ආනන්ද විජේවර්ධන මහතා මා වෙත එවා තිබුණා. මා දැන සිටියේ නැහැ මීට පෙර ජාතික චිත්‍රකතා පදනම මගින් මෙම කතාව පොතක් වශයෙන් පළ කර තිබූ බව.නමුත් එම පොත දැනට වෙළෙඳ පොලේ සොයා ගැනීමට නොමැති බැවින් මා මෙහි එම කතාව ඉදිරිපත් කිරීමෙන් කිසිවෙකුට හානියක් සිදු නොවනු ඇතැයි මා අපේක්ෂා කරනවා.
- රවීන්ද්‍ර ප්‍රභාත්

Sunday, 17 May 2020

යාවත්කාලීන කිරීම් චිත්‍රකතා කලාප අංක 19 සිට 30 දක්වා


පැරණි චිත්‍රකතා රස විඳින්න. පහත සබැඳිය ඔස්සේ 1 සිට 30 දක්වා කලාප ලබාගත හැකිය.











1 සිට 30 දක්වා කලාප

Friday, 8 May 2020

එදා දකුණ හෙල්ලූ උක්කුවා අද මුළු රට ම හොල්ලයි....( වැඩිදුර තොරතුරු සඳහා රසික පත්තරේ බලන්න)


       1975 වසරේ  දී  ආරම්භ කෙරුණු ලංකාවේ දෙවන චිත්‍රකතා ප්‍රකාශනය වූ සිත්තර අතැර ගිය කැමිලස් පෙරේරා ප්‍රමුඛ ශිල්පීන් පිරිසක් 1986 වසරේ දී සත්සිරි නමින් නව චිත්‍රකතා ප්‍රකාශනයක් අරඹමින් එය ජනප්‍රියත්වයේ ඉහළට ම නැංවීය. එය කොතරම් ජනප්‍රිය සේ ම ආදායම් උපදවන මාර්ගයක් වූයේ ද යන්න කැමිලස් මහතා ප්‍රමුඛ එම කණ්ඩායම 1987 වසරේ දී ම රසික නමින් තවත් නව චිත්‍රකතා පත්තරයක් එළිදැක්වීමෙන් පෙනී යයි. 
       එහි ප්‍රධාන සංස්කාරක වශයෙන් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා කටයුතු කළ අතර කැමිලස්ගේ දොංසේතං කාටුනය ඒ හා බන්දවා කැමිලස්ගේ දොංසේතං සමග රසික ලෙසින් පත්‍රයට නම තැබිණි. එය අමුතුම මාකටිං එකකි. කැමිලස්ගේ ගජමැන් සමග සත්සිරි , කැමිලස්ගේ දොංසේතං සමග රසික කී විට එම කාටුන් චරිත නිරායාසයෙන් ම කියැවී පාඨක මනසට ඇතුළු වේ.



      කැමිල්ස් නිවසේ වාසනාවන්තයා ලෙස සැලකුණු ගුණපාල ජයලත් මහතා සත්සිරි සේම රසික ද මුල් කලාපයේ කවරය සිය චිත්‍රයකින් සැරසී ය. ආනන්ද දිසානායක, රෆීක් ඩීන්, මනෝජ් ප්‍රේමරත්න,  ශ්‍රීලාල් නානායක්කාර, පියසිරි උභයරත්න, ආරියසිරි කොඩිතුවක්කු, ධනපාල ගාල්ලගේ වැනි ප්‍රවීනයන්ගේ කතා රැසක් සමගින් ආරම්භ වූ රසික වසර දහයකට ආසන්න කාලයක් ප්‍රකාශයට පත් වූ අතර කුමුුදු තාරක, අරවින්ද සේනාධීර, වසන්ත ශ්‍රීනාත් , ඇන්ටන් තානාපති, උදය ගමාච්චි, ඔගස්ටින් ප්‍රනාන්දු වැනි දක්ෂ චිත්‍රශිල්පීන් රැසක් නොබෝකලකින් ම ඒ හා එකතු විය. 



         ආරම්භයේ දී බන්දුල හරිශ්වන්ද්‍ර මහතා විසින් , විජය රජු ලංකාවට පැමිණිමට පෙර කල පසුබිම් කර ගනිමින් සිංහල දේශය නමින් වර්ණවත් කතාවක් ගෙන ආවේ ය. එතුමාගේ බිරිඳ වන කුසුම් මංගලිකා මහත්මිය විසින් ද භුරිදත්ත නමින් කතාවක් ඉදිරිපත් කරන ලදි. රෆීක් ඩීන්ගේ මෙක්සිකන් චාලි,ශ්‍රිලාල් නානායක්කාරගේ මානෙල් අසපුව , ආනන්ද දිසානායකගේ සයුරී ආරම්භයේ දී පළවූ සිත්ගත් කතා  කිහිපයකි. ගුණපාල ජයලත් මහතා සිත්තරේ දී අතරමග නතර කළ රැල්ල වෙරළට ආදරෙයි කතාව නිම්මි අමිත් ආදර ලෝකය ලෙස රසික සමග ඉදිරියට ගෙන ගියේ ය. එසේම පියසිරි උභයරත්න මහතා නිර්මාණය කළ උක්කුවා චිත්‍රකතාවේ උක්කුවාගේ චරිතය සඳහා ඒ මහතා ළඟින් ඇසුරු කළ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය යොදාගත් බව කියැවේ. එකල එය ජනප්‍රිය කතාවක් බවට පත්විය. 




        එසේ් උක්කුවා ඇඳී පියසිරි උභයරත්න සේ ම ගුණපාල ජයලත් මහතා ද රෆීක් ඩීන් මහතා ද අවාසානාවට මේ වන විට අප අතැර ගොසිනි. එහෙත් එතුමන්ලා නිර්මාණය කළ චිත්‍රකතා තවමත් අප හදවත් තුළ අතීත මතක නංවමින් වැජඹී සිටියි. 





         රසික මුල් කාණ්ඩයේ කලාප 52ක් සහ ඒවායේ පළ වූ රසවත් කතන්දර කිහිපයක් ම මා මිතුරු රෝහණ සිරිවර්ධන මහතා විසින් මා වෙත ලබා දුන් අතර ඒවා ද සමග රසික පත්‍ර සියල්ල ඉදිරියේ දී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.  .
             
         මුල් කලාප 30ක් කියවමු.

සැ.යු. (චිත්‍රශිල්පීන්ගේ හා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ හිමිකම් සුරැකීම පිණිස පත්‍ර කිහිපයක් බාගත කරගැනීමටත් අනෙක්වා කියැවීමට හැකි වන පරිදිත්  පමණක් ඉදිරිපත් කර ඇත. ඒවා අඩු මෙගාබයිට් ප්‍රමාණයකින් සමන්විත වන නිසා කියැවීම සඳහා වැඩි ඩේටා ප්‍රමාණයක් වැය නොවන බව කරුනාවෙන් සලකන්න.)

රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි

Tuesday, 5 May 2020

දයා රාජපක්ෂ සූරින්ගේ නවරියං



     දයා රාජපක්ෂ මහතා ලාංකික චිත්‍රකතා කලාවේ සිය අනන්‍යතාව රැඳවූ දැවැන්ත චරිතයක්.එතුමා සිය චිත්‍රකතා සහ විකට කතා තුළින් ලාංකික පොදු සමාජය මැනවින් හඳුනාගෙන එහි විවිධ පැතිකඩ මනා අයුරින් නිරූපනය කළ අයෙක්. චිත්‍රකතාවට නැතිවී තිබූ ගෞරවය ලබා දීමට මහන්සි වූ අයෙක්.       එතුමා ලංකාවේ මුල් ම චිත්‍රකතා පත්තරය වන සතුට පත්‍රයට 1981 වසරේ දී කළ වටිනා නිර්මාණයක් නවරියං චිත්‍රකතාව. ගමේ දුප්පත් පවුලක උපත ලැබූ දාවිත් තම අසාමාන්‍ය උස නිසාම නවරියං බවට පත්වෙනවා. නවරියං සමග කුඩා කළ සිට ම වෛර බැඳගන්නා හෙට්ටිගෙදර සෝමෙ සමග ඇතිවූ ආරවුල කේනද්‍ර කොටගෙන මෙම කතාව දිවයනවා. මෙම කතාව තුළ හමුවන අනෙකුත් කළු සුදු චරිත සමග ඔවුන්ගේ ගතිසොබා සහ ඔවුන්ගේ සමාජ තත්ත්වය මනා විග්‍රහයකින් යුතු ව උසස් භාෂා ශෛලියක් ද භාවිත කරමින් ඉදිරිපත් කිරීමට දයා රාජපක්ෂ මහතා සමත් වී තිබෙනවා.

  





     දයා රාජපක්ෂ මහතා සහ එතුමාගේ නිර්මාණ පිළිබඳව පහත සබැඳි ඔස්සේ තොරතුරු ලබා ගත හැකි ය.



   මා වෙත මෙම අගනා කතාව ලබා දුන්  මා සමග රාජකාරි කරන මා හිතවත් ජ්‍යේෂ්ඨ නිලධාරි ගාමිණී සමරකෝන් මහතාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා.ඒ වගේම ඒවා ස්කෑන් කර සකසා දුන් ආනන්ද විජේවර්ධන මහතාටත් ස්තුතිය පුද කරනවා. 

    පහත සබැඳිය ඔස්සේ මෙම චිත්‍රකතාව රසවිඳිමු.


 රවින්ද්‍ර ප්‍රභාත් විසිනි



Sunday, 3 May 2020

චිත්‍රකතාවේ චිත්‍රකතාව


 


ඒ 1993 වසරයි . ඒ වන විට ලංකාවේ චිත්‍රකතා පත්තර කලාව විවිධ හැල හැප්පීම් මැද ඉදිරියට ගිය යුගයක්. සිත්තර, සත්සිරි, සදාවාසනා, හිතවත, සත්වරුණ සහ මධුර යන චිත්‍රකතා පත්තර ඒ වන විටත් එකිනෙකා අතර තරගයක යෙදෙමින් පාඨකයන්ට උපරිම රසවත් චිත්‍රකතා බෙදා දෙමින් සිටියා. විවිධ හේතු නිසාවෙන් මෙකල චිත්‍රශිල්පීන් ද පත්තර අතර මාරුවෙමින් තම නිර්මාණ ඉදිරිපත් කළ බව කාටත් නොරහසක්.

චිත්‍රකතා ලෝකයේ පතාක යෝධයකු වන සරත් මධු මහතා තම සදා වාසනා පත්තරය වෙනුවෙන් කැපවෙමින් මහන්සි වෙමින් සිටින අතරතුර දී එම පත්‍රෙය් ශිලපීන් පිරිසක් ඉන් ඉවත්ව ගොස් නව චිත්‍රකතා පත්තරයක් ආරම්භ කරනුයේ චිත්‍රකතා ලෝකය කළඹවමින්. සරත්චන්ද්‍ර උඳුගොඩ නම් ශිල්පියා ෆෝලයින් පබ්ලිකේෂන් නම් ආයතනයක් ආරම්භ කරමින් චිත්‍රකතා යන නමින් ම චිත්‍රකතා පත්තරයක් ආරම්භ කරනවා. එමගින් සරත් මධු මහතාගේ සදාවාසනා පත්‍රය නැවත ගොඩනැගිය නොහැකි ආකාරයට ම කඩා වැටීමකට ලක් වෙනවා.

නමුත් චිත්‍රකතා පාඪකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රකාශනයක් ලෙස චිත්‍රකතා ඉදිරියට එනවා. ඇන්ටන් බී.පෙරේරා, අරවින්ද සේනාධිර, ජානක ඉලුක්කුඹුර, සිඩ්නි කරුණාතිලක, විල්ටන් රාජපක්ෂ, නිරෝෂන් කරුණාතිලක, සුසිල් ප්‍රියන්ත, (නෙලුම්) ජනක රත්නායක, අංජන ඉන්ද්‍රජිත් සහ චමෝද් පද්ම ශ්‍රී වැනි දක්ෂ නිර්මාණකරුවන් රැසක් ඊට එකතු වී සිටීම එයට හේතු වුණා. තම කබලෙන් ළිපට කතාව  නැවත මෙම පත්‍රයට නවාතැන යන නමින් අඳිමින් සිටි ජනක රත්නායක මහතා ඉතා ඉක්මනින් මෙම පත්‍රය අතහැර ගියා. තමන් වෙනත් පත්‍රයකට ඇඳි අස්මාරා කතාව නැවත චිත්‍රකතා පත්‍රය තුළින් ගෙන ආවද අරවින්ද මහතා එම කතාව ද අතරමගදී නතර කර දැමුවා. නමුත්  ඒ කතා දෙක වෙනුවට අතරමගදි එකතු වුණූ ඇන්ටන් බී.පෙරේරා මහතා ඩිංකි සහ නින්ජා යන කතා දෙක මගින් චිත්‍රකතා පත්තරය වර්ණවත් කරනවා. විලම්බීත ලන්තේ, චීන කොරටුව, බ්ලඩ්ෆෝස් කොමාන්ඩෝ, සුන්දරී ,බෝදිලිමා,ඉතිං අවසරයි,  ඩේන්ජර් ආදී කතා රැසක් මගේ මතකයේ තවමත් රැදී තිබෙනවා. පසුව අජිත් නිලංග මහතා වන් මෑන් ෂෝ සහ තවත් කතා කිහිපයක් ද රවී වික්‍රමතුංග මහතා සොඳුරු අතීතය නම් චිත්‍රකතාව ද රැගෙන චිත්‍රකතා සමග එකතු වෙනවා.








වසර තුනක් පමණ ගත වන තැන චිත්‍රකතා ක්ෂේත්‍රෙය් මීළඟ විප්ලවය සිදුකරමින් ඇන්ටන් බී.පෙරේරා මහතාගේ සිව්රස චිත්‍රකතා පත්‍රය ආරම්භ වීමත් සමග චිත්‍රකතා පත්තරයේ කඩා වැටීම ආරම්භ වනවා. ඉන් පසු එම පත්‍රය ටික කලක් ඇදී ගිය ද සිකුරු චිත්‍රකතා නමින්  වෙනත් පත්‍රයක් වෙළෙදපළට ඒමත් සමග සම්පූර්ණයෙන් අභාවයට ගිය බවයි මතක. චිත්‍රකතා පත්තරයේ මුල් වසර කිහිපයක මා සතුව තිබූ පත්තර සහ රෝහණ සිරිවර්ධන මහතාගෙන් ඉල්ලා ගත් අඩුපාඩු පිටු ද slcomics වෙඩ් අඩවියෙන් ලබාගත් අඩුපාඩු පිටුද එකතු කර පත්තර වශයෙන් කියැවීමට ඔබ වෙත ගෙන එන්නට මා තීරණය කළා. මේ පත්තර බොහොමයක් ස්කැන් කර දුන් ආනන්ද විජේවර්ධන මහතාටත් නදීෂා සිරිවර්ධන මහත්මියටත් slcomics වෙඩ් අඩවියටත් ස්තුතිවන්ත වෙමු.

චිත්‍රකතා පත්තර කියැවීම සඳහා මේ සබැඳිය භාවිත කරන්න.