Monday 12 April 2021

Comics published in the children's magazine EAGLE, UK - බ්‍රිතාන්‍ය EAGLE නම් ළමා සඟරාවේ පළ වූ චිත්‍රකතා

I came to know from a post in the face book by veteran artist Aravinda Senadheera that a veteran artist named Anura Wijewardena showed a copy of the children's magazine EAGLE to the head of the Lake house and editor of Sathuta comic paper when they start the Sathuta comic paper.  So I thought I'd say something about that EAGLE magazine. Because this magazine has a special place in my digital magazine collection.

This magazine has been published weekly for 20 years (1950-1969). From 1982 to 1984, the magazine was republished in a different format. The founder of this English children's magazine was a pastor named Marcus Morris. That is why he also includes matters related to Christianity in this magazine. A beautiful picture story of Jesus is also published here (attached herewith). The inaugural issue has sold over 900,000 copies.

ප්‍රවීණ චිත්‍රශිල්පී අරවින්ද සේනාධීර මහතා විසින් මුහුණුු පොතේ පළ කර තිබූ සටහනකින් මා හට දැන ගන්නට ලැබුණා ලංකාවේ මුල් ම චිත්‍රකතා පත්තරය වූ සතුට ආරම්භ කිරීම සඳහා අනුර විජේවර්ධන නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පි මහතා විසින්  EAGLE නමැති ළමා සඟරාවේ පිටපතක් ලේක්හවුසියේ පාලනාධිකාරියට හා සතුට සංස්කාරක වූ බන්දුල සමරසිංහ මහතාට පෙන්වා සිටි බව. ඉතින් අන්න ඒ   EAGLE  සඟරාව ගැන යමක් කියන්නට මට සිතුණා. මොක ද මගේ ඩිජිටල් සඟරා එකතුවේ විශේ්ෂ තැනක් මේ සඟරාවට හිමි වී තිබෙන නිසා.  

මේ සඟරාව එරට අවුරුදු 20ක් (1950-1969) සතිපතා නොකඩවා  පළ වී තිබෙනවා . ඉන් පසු වෙනස් ස්වරූපයකින් 1982 සිට 1984 දක්වා නැවතත් මෙම සඟරාව ප්‍රකාශයට පත් වෙනවා. මේ ඉංග්‍රීසි ළමා සඟරාවේ ආරම්භකයා මාකස් මොරිස් නම් දේවගැතිවරයෙක්. ඒ නිසා ම ඔහු මෙම සඟරාවේ ක්‍රිස්තියානි ධර්මය සම්බන්ධ කරුණූ ද ඇතුළත් කරනවා. ජේසු තුමා පිළිබඳ ලස්සන චිත්‍රකතාවක් ද මෙහි පළ වෙනවා.( මේ සමග ඉදිරිපත් කර ඇත). මෙහි මංගල කලාපය පිටපත් ලක්ෂ නවයක් පමණ අලෙවි වී තිබෙනවා. 

A few pages of the  inaugural issue

මංගල කලාපයේ පිටු කිහිපයක් 











ලංකාවේ ගොපළු චිතුකතාවල ආරම්භය ලැබුනේ මෙමගින් ද?




Dan Dare, the science fiction novel Pilot of the Future, always appeared on the front page in color. It is a story that has gained popularity all over the world. Riders of the Range is a similarly popular story. P.C. 49. Eagle is a feature about news and sports. The editor left the magazine halfway through, but it continued for a long time. In 1969, the magazine had to merge with LION, a similar magazine.

Dan Dare, Pilot of the Future නම් විද්‍යා ප්‍රබන්ධය වර්ණයෙන් යුතුව හැමදාමත් මුල් පිටුවේ පළ වුණා. එය ලොව පුරා ජනාදරය දිනාගත් කතාවක්. Riders of the Range ඒ වගේ ම ජනප්රිය කතාවක්. P.C. 49Eagle  ප්‍රවෘත්ති සහ ක්‍රීඩා ගැන පළවූ විශේෂාංගයක්. මෙහි සංස්කාරක අතරමග දී සඟරාව හැර ගියත් එය නොකඩවා බොහෝ කලක් පැවතුණා. 1969 දී මෙවැනි ම සඟරාවක් වූ LION සමග එකතුවන්නට මෙම සඟරාවට සිදු වෙනවා. 

Some popular stories and features....

ජනප්‍රිය වූ කතා සහ විශේෂාංග කිහිපයක්









සිංහල චිත්‍රකතාවට ගොපළු චිත්‍රකතා එන්නට ඇත්තේ මෙතැනින්ද ? මේ කතාවත් කියවමු.


to read this story - මෙම කතාව කියැවීමට 

.



                                                        

                                                                to read this story- මෙම කතාව කියැවීමට


One more thing to say. There are magazines like this in the homes of a group of people who lived in Colombo. They dont throw them away after reading. Even today I have seen them bring them and give them to old bookshops. Some are free. Some for a small price. But we cant buy them in low price. we have to pay large price .

 තවත් යමක් කිව යුතුයි. කොළඹ ජීවත් වුණු ගෙිඩක් දෙනාගේ ගෙවල්වල මෙවැනි සඟරා තිබිල තියෙනවා.ඔවුන් ඒවා කියවලා විසි කර දාන්නෙ නැහැ.අදටත් මම දැකල තියෙනවා ඔවුන් ඒවා ගෙනත් පරණ පොත් කඩවලට දීලා යනවා. සමහරුන් නොමිලේ. සමහරුන් පොඩි ගාණකට. ඒත් අපට නම් ඒවා අඩුවට ගන්න ලැබෙන්නෙ නැහැ.


Saturday 27 March 2021

Sathmina - comics paper (සත්මිණ - චිත්‍රකතා පත්තරේ )

Today I bring to you some of the issues from the first volume of another comic paper.

It is a beautiful comic paper that started in November 1986 under the name 'Sathmina'. My best friend Rohana Siriwardena scanned all papers for free and gave me do whatever I wanted.

This comic paper was started by a collection of talented artists and has become very valuable.

Daya Rajapaksa, Susil Premaratne, Wickrama, Wasantha Srinath, Janaka Ratnayake, Udaya Gamachchi, Athula Siriwardena, Ajith Nilanga, Ossie Diyalagoda, Sarath Mahindasiri, Kumara are some of the artists who have contributed to this comic paper.

අද මා ඔබ වෙත ගෙන එන්නේ තවත් චිත්‍රකතා පත්තරයක ආරම්භක කලාප කිහිපයකි.

සත්මිණ නමින් 1986 නොවැම්බර් මාසයේ  දී ආරම්භ වූ සුන්දර චිත්‍ර්කතා පත්තරයයි. වෙනදා සෙ ් ම මා හිත මිතුරු රෝහණ සිරිවර්ධන මහතා මා හට වසර 4ක් පුරා දිවෙන කලාප සියල්ල නොමිලේ ස්කෑන් කර ලබා දුන්නේ මා හට ඕනෑ දෙයක් කර ගන්නා ලෙස දනුම් දෙමිනි. 

මේ චිත්‍රකතා පත්තරය දක්ෂ චිත්‍රශිල්පීන් රැසකගේ එකතුවෙන් ඇරඹිි ඉතා අගනා එකක් වී ඇත.

දයා රාජපක්ෂ, සුසිල් ප්‍රේමරත්න,  වික්‍රම, වසන්ත ශ්‍රීනාත්, ජනක රත්නායක, දය ගමාච්චි, අතුල සිරිවර්ධන, අජිත් නිලංග, ඔසී දියලගොඩ, සරත් මහින්දසිරි, කුමාර  වැනි ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් ඇරඹී ඇති මෙම චිත්‍රකතා පත්‍රය වසර 4 ගෙවී යන විට ඊට තවත් දක්ෂ ශිල්පීන් රැසක් එකතු වී ඇත. 




















read and enjoyed its first 27 volumes. Those who want to download these papers , please leave your email address below.

අපි පළමුවෙන් එහි මුල් කලාප 27 කියවා රස විඳිමු. මා ඉදිරිපත් කරන මෙම පත්තර බාගත කරගැනීමට වුවමනා අය පහළින් ඔබගේ ඊමේල් ලිපිනය කමෙන්ටුවක් දමන්න.