Showing posts with label Kalpana. Show all posts
Showing posts with label Kalpana. Show all posts

Saturday, 19 February 2022

kalpana magazine - 1984 october

 KALPANA -  1984 OCTOBER




After a long time, I thought the long silence should be broken. Because I know that more people are using my blog than I thought. This was evident from the fact that it had more than 12,000 views. 

A friend had requested through the Swarna WhatsApp group to find a short story published in Kalpana magazine. I decided to publish the magazine that contains that short story here for the benefit of all.

Accordingly, you can read Kalpana magazine in October 1984 today.

Extension -   https://online.fliphtml5.com/aeyfl/qtzs/

බොහෝ  කලකට පසු දිගු නිහැඬියාව බිඳ දැමිය යුතු බව සිතුණා. මන්ද මා සිතුවාටත් වඩා වැඩි පිරිසක් මගේ බ්ලොග් අඩවිය පරිශීලනය කරන බව දැනගන්නට ලැබීම නිසා. එය නැරඹුම් වාර ගණන 12000 ඉක්මවා තිබීමෙන් ම ඒ පිළිබඳ පැහැදිලි වුණා. 

ස්වර්ණ වට්ස්ඇප් සමූහය ඔස්සේ පාඨක මිත්‍රෙයකු ඉල්ලීමක් කර තිබුණා කල්පනා සඟරාවේ පළ වූ කෙටිකතාවක් සොයා දෙන ලෙස. මා ඒ කෙටි කතාව අඩංගු සඟරාවම මෙහි පළ කරන්නට තීරණය කළා සැමට ප්‍රෙයා්ජනවත් වන සේ.

ඒ අනුව 1984 ඔක්තෝබර් මාසයේ කල්පනා සඝරාව ඔබට අද කියැවිය හැකියි.

දිගුව -  https://online.fliphtml5.com/aeyfl/qtzs/

එහි පළ වූ රසවත් , හරවත් ලිපි කිහිපයක පිටු කිහිපයක් ද මේ සමග ඔබ වෙත ඉදිරිපත් කෙරෙනවා.












රවීන්දු ප්‍රභාත් විසිනි.


Monday, 31 August 2020

කල්පනාවේ කල්පනාව



1981 වසරේ නොවැම්බරයේ දී එවක මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිවරයා වූ රොනී ද මැල් මහතාගේ සංකල්පයක් අනුුව ගුණදාස ලියනගේ මහතාගේ සංස්කාරකත්වයෙන් යුතුව කල්පනා නම් සඟරාව එළි දැක්කේ ය. එය නිකුත් කෙරුණේ මහජන බැංකුවේ අනුග්‍රහයෙනි.එසේ ම එහි උපදේශක මණ්ඩලය මහජන බැංකු නිලධාරින්ගෙන් සමන්විත විය.ප්‍රවීණ ලේඛකයකු  හා පුවත්පත් තලාවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතා කාලීන, හරබර සහ විවාදාත්මක ලිපිවලින් යුතු අනර්ඝ සඟරාවක් පාඨකයා අතට ගෙන එන්නට ගත් උත්සාහය මල් පල ගැන්වී තිබිණි.


1992 වසර දක්වා ප්‍රකාශයට පත් කල්පනා සඟරාවේ කලාප රාශියක් මා හට හමු වූ අතර මා දන්නා අයුරින් 1992 වසරේ දී කල්පනා ප්‍රකාශයට පත් වීම නැවතී ඇත. 1987 වසරේ දී කල්පනා  සඟරාවෙන්  ඉවත් ව නිදහස් දිවියක් ගෙවීමට ඉටා ගත්  ලියනගේ මහතා 1997 වසරේ දී නැවත සිව්දෙස මාසික සඟරාවේ සංස්කාරක ලෙස ද කෙටි කලක් කටයුතු කළ අතර සිව්දෙස සඟරාවේ හැඩය ද කල්පනා හැඩයට වෙනස් කළේ ය. එතුමා 1998 දී ජීවිතයෙන් සමුගත් අතර කල්පනා සඟරාව සහ ඔහුගේ නම වෙන් කළ නොහැකි සේ බැඳී පවතී. 







මංගල කලාපයෙන් .....










1999 වසරේ දී දසත නම් ආයතනයක් හරහා නැවත කල්පනා නමින් සඟරාව ආරම්භ විය.කෙසේ වෙතත් එය මාසිකව පිළිවෙළකට වෙළඳපොළට නොපැමිණි අතර නව කල්පනා නමින් නම ද වෙනස් වී 2005 වසර වන විට අතර මග නවතා දැමිණි.

කල්පනා  සඟරාව වියතුන්, බුද්ධිමතුන් අතර පමණක් නොව සාමාන්‍ය පාඨක ජනතාව අතර ද ජනප්‍රිය සඟරාවක් වූ අතර සාහිත්‍යය සඳහා ද එහි වැඩි ඉඩකඩක් වෙන් වී තිබිණී. එසේ ම අතිවිශාල බුද්ධිමතුන් විද්වතුන් පිරිසක් ඒ සඳහා ලිපි ඉදිරිපත් කිරීමට පෙළඹී තිබිණි. ( මංගල කලාපයේ පටුන  දෙස බැලීමෙන් ම ඒ බව පෙනී යයි.)

 වටරැක ප්‍රේමදාස, ඔසී දියලගොඩ, හෙන්රි බෙම්මුල්ල,කිත්සිරිමෙවන් ජයසේකර සහ තිස්ස ද සිල්වා යන චිත්‍ර ශිල්පීන් ආරම්භයේ දී සිතුවම් මගින් සඟරාව හැඩ වැඩ කර ඇති අතර පසුව වසන්ත ශ්‍රීනාත් මහතාගේ චිත්‍රවලින් සඟරාව හැඩගැස්වීණි. කෙසේ වුවත් එකල ජනප්‍රිය අංගයක් වූ චිත්‍රකතාවට ඒ හා සමානව ම විවේචන ද සමාජයෙන් එල්ල වීම නිසා ගුණදාස ලියනගේ මහතා තම සඟරාවට කිසිදින චිත්‍රකතා එකතු නොකරන්නට තීරණය කර තිබිණි.

මා සතුව ඇති කල්පනා සඟරා එකිනෙක ඉදිරියේ දී ඔබට කියැවීම සඳහා ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

දෙවන කලාපය ....







දෙවන කලාපය කියවමු.


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි.