Saturday, 24 October 2020

Muthuhara sep 1992 - ලොව මැවූ බ්‍රහ්මයා ලොවට බිහිවූ හැටි

In the last few days, large number of readers have joined the the Swarna blog and its Facebook page. At present there are 500 people involved in it. So I decided to bring you another Muthuhara magazine today. This is the September 1992 issue.

 The first pages of some of the articles in this issue are published herewith, and I invite you to download and read the magazine at the following link.

 to read full magazine

Meanwhile, I believe that this issue’s article on the Great Brahma in the region is a very valuable one. Because the way the writer started this article in a country where there are people who strongly believe in an invisible God and have blind faith is great. (I would like to say that I do not have an unpleasant feeling about it because the concept of God frees people who do not understand the truth from doing wrong. I am against those who sell God).

 පසුගිය දින කිහිපයේ ස්වර්ණ බ්ලොග් අඩවිය හා පාඨකයින් විශාල ප්‍රමාණයක් එක් වී තිබුණු බව මේ හා බැඳුණු ෆේස්බුක් පිටුව මගින් දැකගන්නට ලැබුණා. මේ වන විට ඒ හා සම්බන්ධ වී සිටින පිරිස 500කට ආසන්නයි. 

ඉතින් මා තීරණය කළා අද තවත් මුතුහර සඟරාවක් ඔබ වෙත ගෙන එන්නට. මේ 1992 සැප්තැම්බර් මස කලාපයයි. 

මෙවර කලාපයේ අන්තර්ගත ලිපි කිහිපයක මුල් පිටු මේ සමග පළ කරන අතර සඟරාව පහත සබැඳිය ඔස්සේ බාගත කරගෙන ඒවා කියවන ලෙස මා ඔබට ආරාධනා කරනවා.

ඒ අතර මෙවර කලාපයේ මහා බ්‍රහ්මයා පිළිබඳ පළ වී ඇති ලිපිය ඉතා අගනා එකක් බව මා විශ්වාස කරනවා. මන්ද නොපෙනෙන දෙවියන් පිළිබඳ දැඩි සේ විශ්වාස කරන, අන්ධ භක්තියෙන් අදහන ජනතාවක්  සිටින රටක ලේඛකයා මෙම ලිපිය ආරම්භ කර ඇති ආකාරය ඉතා විශිෂ්ට නිසා. ( දේව සංකල්පය මගින් සත්‍යාවබෝධය නොමැති ජනතාව වැරදි වැඩ කිරීමෙන් මුදවන නිසා ඒ පිළිබඳ මා තුළ අප්‍රසන්න හැඟීමක් නම් නැති බවත් කිව යුතුයි. මා විරුද්ධ දෙවියන් විකුණාගෙන කන තැනැත්තන්ටයි) .














එසේ ම මෙවර කලාපයේ ඇති රසවත් පුංචි කතන්දරයක් මගේ සිත ඇද ගත්තා. මේ එම කතන්දරයේ කොටසක්.










සම්පූර්ණ සඟරාව කියවමු .

Sunday, 6 September 2020

Mthuhara - june 1992 ඇත්තට ම මිහිඳු මාහිමි ලංකාවට වැඩම කළේ අහසින් ද ?

Today I bring to you the June 1992 issue of Muthuhara Magazine.  Previously I have presented two issues of Muthuhara Magazine.

 Previously published article on Muthuhara and those issues

This time the cover story is set aside to explain another way in which the United States is activating its neo-colonialism. It will be easier for you to find the cover page by looking at the table of contents. Let's take a look at some of the articles that have been published in the inside pages as well.

Special thanks - to everyone who contributed to the editing of the magazine ....

Let's read this whole magazine. 

අද මා ඔබ වෙත ගෙන එන්නේ මුතුහර සඟරාවේ 1992 ජූනි මස කලාපයයි.

මෙයට පෙර මා ඔබ වෙත මුතුහර සඟරා කලාප දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

මුතුහර පිළිබඳ මීට පෙර පළ වූ ලිපිය සහ එම කලාප

මෙවර කවරයේ කතාව වෙන් වන්නේ ඇමෙරිකාව විසින් තම නව යටත් විජිතවාදය ක්‍රියාවට නංවන තවත් ආකාරයක් පිළිබඳ පැහැදිලි කර දීමටයි. ඔබට පටුන දෙස බැලීමෙන් කවරයේ කතාව ඇතුළත් පිටුව සොයාගැනීමට පහසු වේවි. ඒ වගේ ම ඇතුළු පිටුවල පළ වී ඇති ලිපි කිහිපයක තොරතුරු විමසා බලමු.






බාලි දූපත පිළිබඳ රසවත් තොරතුරු..




ෆිදෙල් කැස්ත්‍රෝට දියණියක සිටි බව ඔබ දන්නවා ද?


උතුරැකොරියානු නායකයා බලයට පත්වීමට පෙර ලියැවුණු අනාවැකි ලිපියක්....




ලක්වැසි අපට තේ ලැබුණු හැටි....


1992 වසරේ දී මියගිය ජනප්‍රිය හින්දි නිළි නූටාන්ගේ දිනපොත ඇසුරින් සකස් වූ ලිපියක්..


ඔතෙලෝ චිත්‍රපටයේ තිරය පිටුපස කතාවක්....


ෂර්ලොක් හෝම්ස් කෙටි කතාවක්....


හිතමිතුරු චීනයේ තහනම් නගරය....


කැඩපත විශේෂාංගය


දියමන්ති ගැන.....


උත්තර ප්‍රදේශය පිළිබඳ  තොරතුරු


සීයස්ගේ දරුවා රත්තරන්


වික්‍රමාන්විතයන්.....


මහින්දාගමනය පිළිබඳ හරවත්,
විවාදාත්මක තොරතුරු ඇතුළත් ලිපියක්....



    විශේෂ ස්තුතිය - සඟරාවේ සංස්කරණයට දායක වී ඇති සියලු දෙනාට ම.... 

    

     මෙම සම්පූර්ණ සඟරාව කියවමු.



Monday, 31 August 2020

කල්පනාවේ කල්පනාව



1981 වසරේ නොවැම්බරයේ දී එවක මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිවරයා වූ රොනී ද මැල් මහතාගේ සංකල්පයක් අනුුව ගුණදාස ලියනගේ මහතාගේ සංස්කාරකත්වයෙන් යුතුව කල්පනා නම් සඟරාව එළි දැක්කේ ය. එය නිකුත් කෙරුණේ මහජන බැංකුවේ අනුග්‍රහයෙනි.එසේ ම එහි උපදේශක මණ්ඩලය මහජන බැංකු නිලධාරින්ගෙන් සමන්විත විය.ප්‍රවීණ ලේඛකයකු  හා පුවත්පත් තලාවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතා කාලීන, හරබර සහ විවාදාත්මක ලිපිවලින් යුතු අනර්ඝ සඟරාවක් පාඨකයා අතට ගෙන එන්නට ගත් උත්සාහය මල් පල ගැන්වී තිබිණි.


1992 වසර දක්වා ප්‍රකාශයට පත් කල්පනා සඟරාවේ කලාප රාශියක් මා හට හමු වූ අතර මා දන්නා අයුරින් 1992 වසරේ දී කල්පනා ප්‍රකාශයට පත් වීම නැවතී ඇත. 1987 වසරේ දී කල්පනා  සඟරාවෙන්  ඉවත් ව නිදහස් දිවියක් ගෙවීමට ඉටා ගත්  ලියනගේ මහතා 1997 වසරේ දී නැවත සිව්දෙස මාසික සඟරාවේ සංස්කාරක ලෙස ද කෙටි කලක් කටයුතු කළ අතර සිව්දෙස සඟරාවේ හැඩය ද කල්පනා හැඩයට වෙනස් කළේ ය. එතුමා 1998 දී ජීවිතයෙන් සමුගත් අතර කල්පනා සඟරාව සහ ඔහුගේ නම වෙන් කළ නොහැකි සේ බැඳී පවතී. 







මංගල කලාපයෙන් .....










1999 වසරේ දී දසත නම් ආයතනයක් හරහා නැවත කල්පනා නමින් සඟරාව ආරම්භ විය.කෙසේ වෙතත් එය මාසිකව පිළිවෙළකට වෙළඳපොළට නොපැමිණි අතර නව කල්පනා නමින් නම ද වෙනස් වී 2005 වසර වන විට අතර මග නවතා දැමිණි.

කල්පනා  සඟරාව වියතුන්, බුද්ධිමතුන් අතර පමණක් නොව සාමාන්‍ය පාඨක ජනතාව අතර ද ජනප්‍රිය සඟරාවක් වූ අතර සාහිත්‍යය සඳහා ද එහි වැඩි ඉඩකඩක් වෙන් වී තිබිණී. එසේ ම අතිවිශාල බුද්ධිමතුන් විද්වතුන් පිරිසක් ඒ සඳහා ලිපි ඉදිරිපත් කිරීමට පෙළඹී තිබිණි. ( මංගල කලාපයේ පටුන  දෙස බැලීමෙන් ම ඒ බව පෙනී යයි.)

 වටරැක ප්‍රේමදාස, ඔසී දියලගොඩ, හෙන්රි බෙම්මුල්ල,කිත්සිරිමෙවන් ජයසේකර සහ තිස්ස ද සිල්වා යන චිත්‍ර ශිල්පීන් ආරම්භයේ දී සිතුවම් මගින් සඟරාව හැඩ වැඩ කර ඇති අතර පසුව වසන්ත ශ්‍රීනාත් මහතාගේ චිත්‍රවලින් සඟරාව හැඩගැස්වීණි. කෙසේ වුවත් එකල ජනප්‍රිය අංගයක් වූ චිත්‍රකතාවට ඒ හා සමානව ම විවේචන ද සමාජයෙන් එල්ල වීම නිසා ගුණදාස ලියනගේ මහතා තම සඟරාවට කිසිදින චිත්‍රකතා එකතු නොකරන්නට තීරණය කර තිබිණි.

මා සතුව ඇති කල්පනා සඟරා එකිනෙක ඉදිරියේ දී ඔබට කියැවීම සඳහා ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

දෙවන කලාපය ....







දෙවන කලාපය කියවමු.


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි.