Wednesday 6 July 2022

Grade 3 Sinhala Reading Book (old)

Grade  3 Sinhala  Reading Book (old)


  

 


When I posted a few pages of the grade 3 Sinhala reading book that we learnt in school, many friends asked me if I could provide a PDF copy of it. Unfortunately, some pages of that book were missing and my friend Mr Anjana Bulathsinghala had photographed them on his mobile phone and sent them to me. After a hard effort, I present it to you.

Mr Anjana's book and mine are two different editions, so there were some inconsistencies. However, the lessons that were there will never be far from our memory. In Anuradhapura, Kurutu Puwak, Journey to the Moon, Sinbad, and Story of the new bridge are extraordinary among them.



According to the story of the new bridge, it is still remembered how there was a frenzy to build bridges in childhood. That story was taken from a Chinese storybook. That book was given to me by Mr Chiran Windsor recently and I have scanned it. But I found a copy through the internet that is better than my Scan copy.

Grade 3 book

I present the same book here for your enjoyment. Also, I intend to present to you some Chinese and Russian stories you read and enjoyed as a child.





පැරණී සිංහල කියවීම් පොත් - 3 ශ්‍රේණිය

අප පාසල් ගිය කාලයේ 3  ශ්‍රේණියේ සිංහල කියවීම්  පොතේ  පිටු කිහිපයක් පසුගිය දා මුහුණු පොතේ පළ කළ විට එහි පීඩීඑෆ් පිටපතක් ලබා දිය හැකි දැයි බොහෝ දෙනෙකු මගෙන් විමසා තිබිණි. අවාසනාවකට මා සතු එම පොතේ පිටු කිහිපයක් අඩු වූ අතර ඒවා  මා මිත්‍ර අංජන බුලත්සිංහල මහතා විසින් ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කර මා වෙත එවා තිබිණි. ඒ අනුව දිගු වෙහෙසකින් පසු එහි පළ වූ පැවරුම් අතහැර පාඩම් පමණක් ස්කෑන් කර පිටු නැවත සකසා මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමි.
අංජන මහතා සතු පොතත් මගේ පොතත් වෙනස් මුද්‍රණ දෙකක් බැවින් යම් යම් නොගැළපීම් ද තිබිණි. කෙසේ වුව ද එහි තිබූ පාඩම් මාලා  කිසිදා අපේ මතකයෙන් ඈත්ව නොයේ. අනුරාධපුරයේ දී, කුරුටු පුවක්, සඳ ගමන, සින්බෑඩ්., අලුත් පාලමේ කතාව ආදිය ඒ අතර විශේෂ වෙයි.





අලුත් පාලමේ කතාව අනුව පුංචි සන්ධියේ පාලම් හදන්නට පිස්සුවක් තිබූ අයුරු තවමත් මතකයේ ඇත. එම කතාව උපුටා ගෙන තිබුණේ චීන කතන්දර පොතකිනි. එම පොත හිත මිත්‍ර චිරාන් වින්ඩ්සර් මහතා විසින් පසුගිය දා මා හට ලබා දුන් අතර මම එය සම්පූර්ණයෙන් ම ස්කෑන් කළෙමි. එහෙත් මගේ ස්කෑන් පිටපතට වඩා උසස් පිටපතක් අන්තර්ජාලයේ තිබී මට හමු විය. 
ඔබගේ රසවින්දනය උදෙසා එම කෘතිය ද මෙහි ඉදිරිපත් කරමි. එමෙන් ම ඔබ කුඩා කල කියවා රස විඳි එවැනි චීන සහ රුසියන් කතන්දර කිහිපයක් ම ඉදිරියේ දී ඔබ වෙත ඉදිරිපත් කරන්නට අදහස් කරගෙන සිටිමි.





3 comments:

  1. පැරණි 6 සිංහල පොතේ තිබුණා වැස්ස කියලා කවි පන්තියක්.. පුළුවන් නම් හොයල දෙන්න

    ReplyDelete
  2. 📚🔮🎖️️

    ReplyDelete
  3. මට හරියට මතක නෑ. ඒත් 7වසර සිංහල පෙල පොතේ තිබුන වගේ මතක. අර කපුටගෙ කවි පන්තිය. පුලුවන් නම් ඒක හොයලා ඒ පොත දාන්න

    ReplyDelete